Sunday, March 27, 2011

පින්නවල අලි අනාථාගාරය


පින්නවල අලි අනාථාගාරය කෑගල්ලේ සිට 10Km පමණ දුරින් පිහිටා ඇත. 1975 වර්ෂයේදී හෙක්ටයාර් නමයක භුමිභාගයක මෙය ආරම්භ කරන ලදී. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අලිරංචුව මහඔයේ දිය නෑමේ යෙදී සිටින ආකාරයයි.

Saturday, March 26, 2011

දුන්හිඳ දියඇල්ල


බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි.

Monday, March 21, 2011

වැවුරුකන්නල බුදුරජ විහාරයේ නිරූපිත නිරයේ දර්ශනයක්

නරකයෙහි උපන් සත්ත්වයන් අල්ලා ගත් නිරය පාලයෝ ඔවුන් යමරජු වෙතට ගෙන යති. එසේ යමරජු හමුවට ගෙනා නිරිසතෙකුගෙන් තමා කල පව් පිළිබද විමසන ආකාරය මේ මුර්තිය මගින් දැක්වේ.

Wednesday, March 16, 2011

වෙහෙරහේන පුර්වාරාම රජමහ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ.


වෙහෙරහේන පුර්වාරාම රජමහ විහාරයේ අසුඅට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ.

[http://si.wikipedia.org/wiki/වෙහෙරහේන_විහාරය]

Sunday, March 13, 2011

දීඝවාපී ස්ථූපය


ශ්‍රී ලංකාවේ දිගාමඬුල්ල (අම්පාර) දිස්ත්‍රික්කයේ තිබෙන දීඝවාපිය නොහොත් දීගවාපීය 3 වැනි සියවස (ක්‍රි.පු) දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුක්ත සිද්ධස්ථානයකි.

Sunday, March 6, 2011

ගාලු කොටුවේ ප්‍රදීපාගාරය


පෘතුගීසීන් විසින් මුලින්ම ඉදිකරන ලද ගාලු කොටුව අද යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගාලු කොටුවේ දක්නට ලැබෙන ප්‍රදීපාගාරයයි.
Related Posts Plugin for WordPress, Blogger...