Sunday, November 20, 2011

රෝස මලේ නටුවේ කටු


වසන්ත සමයේ නුවරඑළියට යන බොහෝ දෙන හක්ගල උද්භිද උද්‍යානයට යාමට අමතක කරන්නේ නෑ. එහි ඇති නොයෙකුත් වර්ණයන්ගෙන් යුත් රෝස මල් බොහෝ දෙනාගේ නෙත් සිත් පැහැර ගන්නවා. මේ එවැනි පුෂ්පයන්ගේ ඡායරූප එකතුවක්.

Monday, August 22, 2011

නාච්චාදුව වැව - අනුරාධපුරය


දෙවන සේන රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 998 දී ඉදිකරන ලද නාච්චාදුව වැව අක්කර අඩි 45000 ක ධාරිතාවයකින් යුක්ත වේ. 1906 දී රජය විසින් නැවත පිළිසකර කර තිබේ. අනුරාධපුරයේ වන්දනාවේ යන බොහෝ දෙනා ජලස්නානය පිණිස මෙහි පැමිණේ.  

Tuesday, June 28, 2011

බදුල්ල - පස්සර මාර්ගයේ පිහිටා ඇති දියඇල්ලක්

වැසි සමයක බදුල්ල - පස්සර මාර්ගයේ ගමන් කරන විට බොහෝ සුන්දර දසුන් දකින්න පුළුවන්. මේ එවැනි සුන්දර දියඇල්ලක්.

Tuesday, June 7, 2011

මහියංගනයේදී ඡායාරූපයට නැඟුනු අලංකාර භූ දර්ශනයක්.


මහියංගනයේදී ඡායාරූපයට නැඟුනු අලංකාර භූ දර්ශනයක්. දහඅට වංගුව මාර්ගය වැටී ඇත්තේ ඈතින් පෙනෙන කඳුපෙළ හරහාය.

Thursday, June 2, 2011

Saturday, May 21, 2011

වෙසක් තොරණ


2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඉදිවූ වෙසක් තොරණක්.

Sunday, May 8, 2011

පේරාදෙණිය උද්භිද උද්‍යානය


පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානය 1821 දී ආරම්භ කරන ලදී. මෙහි විශාලත්වය අක්කර 147 කි.

Sunday, May 1, 2011

හිරු බැස යන මොහොතකදී


හිරු බැස යන මොහොතක අම්බුළුවාව කඳු මුදුනේදී ලබාගත් ඡායාරූපයක්!

Tuesday, April 26, 2011

පුංචි ලෝකාන්තය


නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුල පිහිටා ඇති පුංචි ලෝකාන්තය.

Thursday, April 21, 2011

සුන්දර නුවරඑළිය


නුවරඑළිය යනු ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි. අප්‍රේල් මාසයේ මෙහි වසන්ත සැණකෙලිය පැවැත්වෙන අතර  සංචාරය කිරීම සඳහා උචිත කාලයද මෙය වේ.

Saturday, April 9, 2011

ආරුගම් බේ මුහුදු තීරය


ආරුගම් බේ මුහුදු තීරය අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයට ආසන්නව පිහිටා ඇත. දිය මත ලිස්සා යාම (surfing) සඳහා ලෝකයේ ඇති හොඳම ස්ථානයකි.

Monday, April 4, 2011

මහනුවර ශ්‍රී දළදා මාලිගාව


බුදුරජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේ වැඩ සිටින මහනුවර දළදා මාලිගාව

Sunday, March 27, 2011

පින්නවල අලි අනාථාගාරය


පින්නවල අලි අනාථාගාරය කෑගල්ලේ සිට 10Km පමණ දුරින් පිහිටා ඇත. 1975 වර්ෂයේදී හෙක්ටයාර් නමයක භුමිභාගයක මෙය ආරම්භ කරන ලදී. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අලිරංචුව මහඔයේ දිය නෑමේ යෙදී සිටින ආකාරයයි.

Saturday, March 26, 2011

දුන්හිඳ දියඇල්ල


බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි.

Monday, March 21, 2011

වැවුරුකන්නල බුදුරජ විහාරයේ නිරූපිත නිරයේ දර්ශනයක්

නරකයෙහි උපන් සත්ත්වයන් අල්ලා ගත් නිරය පාලයෝ ඔවුන් යමරජු වෙතට ගෙන යති. එසේ යමරජු හමුවට ගෙනා නිරිසතෙකුගෙන් තමා කල පව් පිළිබද විමසන ආකාරය මේ මුර්තිය මගින් දැක්වේ.

Wednesday, March 16, 2011

වෙහෙරහේන පුර්වාරාම රජමහ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ.


වෙහෙරහේන පුර්වාරාම රජමහ විහාරයේ අසුඅට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ.

[http://si.wikipedia.org/wiki/වෙහෙරහේන_විහාරය]

Sunday, March 13, 2011

දීඝවාපී ස්ථූපය


ශ්‍රී ලංකාවේ දිගාමඬුල්ල (අම්පාර) දිස්ත්‍රික්කයේ තිබෙන දීඝවාපිය නොහොත් දීගවාපීය 3 වැනි සියවස (ක්‍රි.පු) දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුක්ත සිද්ධස්ථානයකි.

Sunday, March 6, 2011

ගාලු කොටුවේ ප්‍රදීපාගාරය


පෘතුගීසීන් විසින් මුලින්ම ඉදිකරන ලද ගාලු කොටුව අද යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගාලු කොටුවේ දක්නට ලැබෙන ප්‍රදීපාගාරයයි.
Related Posts Plugin for WordPress, Blogger...